Rashmi Navodini
Sacred Heart Convent

🥺🥺🥺❤️❤️❤️❤️ane godk thnks sir hmdetm mn aniw enw sirw meet wenn nikn newi p6 A ekkuth ekkm🥹🩷sir dnnwd stress wen hm welwem sir kiyn ek deyk mthk wenw amma tatta wenuwen mek krnn kiyn ek loku kthwk thiynw sir mt kiynn mn ek aniw sirw meet wel kiynw .......colors of ap🤗aniwrenm enw sir .......mrm thnks sirr thw dws 5i sir kiynw wge dinl withramai iwr krnne😌😌😌💗mokd anuradha sir apit ignnuwe ehem❣️dn 12.37am thw py 3k wd krnn gnm thiynw sir ..... thw deyk kiynn ona sirge guess days wlin thm mn essy perfect kr gtte thapaya tronics ehem ee dunn confidence ekt mrm thnks sir .....mcq day eknm supiriym thm sirr iwr wenknmidiya dn past ppr ekk krth 40+wdinw .....ithin me hmdetm godk thnk sir..... mihipita inn dewiyek 💛uthurann hariynn on sirt💯🧡

Vishmika Ahangama
R/Gankanda Central Collage

"අපිම තමා අපිව වෙනස් කරන්න ඕනි " කියල සර් කිව්වට මගෙ ජීවිතෙන් ලොකු කොටසක් සර්ගෙ වචන නිසා වෙනස් උනා සර්...❤ මං හීන දැකපු තැනටම යන්න පොඩ්ඩක් විතර පරක්කු වෙනව කියල A/l වලට දවස් 5 ක් විතර තියෙන නිසා මං දන්නව සර්...ඒත් මං මාස 2 ට කලින් හිටපු F එකෙන් එහා ගොඩක් දුර දැනටම ඇවිත් තියෙනව සර්...මං මේ මාස 2 ඇතුල කරපු දේ අවුරුදු 2 ක ඇතුලතම කලානම් මගෙ මට ඕනිම හීනෙට යන්න පොඩ්ඩක්වත් පරක්කු නොවෙන්න තිබ්බ...ඒත් සර් හැමදාම කියනව වගේ වැටි වැටි තමා නැගිටින්න ඕනි...මේ දවස් ටිකෙත් උපරිමෙ කරනව...❤️ මොන දේ උනත් කවදහරිම සර්ව හම්බෙන්න එනවමයි..හැබැයි ඒ එන්නෙත් දිනලම විතරයි........❤️❤️ ගොඩාක් thnk u sir කරපු හැම කැපකිරීමකටම......❤️ වැඩියෙන්ම ජීවිතෙ ගැන කියාදුන්නට..✨

Sachith Dilshan
H/Thalawa National School

මගේ අම්මා තාත්තා වගේම මම ගරු කරන A/L වල ගුරුවරුන් 4 දෙනාගෙන් මාරම නිහතමානී වැඩි වැඩ නැති මුදලට වඩා ළමයින්ට සාධාරණයක් කරන අවංක ගුරුවරයෙක් තමයි අනුරාධ සර් physics කියන්නේ මොනවද කියල දන්නේ නැතිව ඉද්දි සර් තමයි Physics කියන්නේ මොනවද කියලා කියල දුන්නේ FINAL Revision Guess days practical night තමයි ගොඩක්ම ලකුණු හදාගන්න උදව් උනේ ඇත්තටම කියනවා නම් Praticle Night එකෙන් තමයි මේක කරන්න පුළුවන් කියලා තේරුම් ගියේ තව තියෙනවා S-A seminar වලින් එහෙම ලකුණු හදාගන්න මට හිතෙනවා මේ වැඩ ටික නිසා physics A එකක් ගන්න පුළුවන් කියලා මම අම්මට තාත්තට කියලා තියෙන්නෙත් physics , Chemestry නම් A ගන්න පුළුවන් වෙයි කියලා bio නම් දන්නේ නැහැ මම සර්ගෙ free card ඉදියේ Thank you මට උදවු කළාට සර් and ඉරුගල් බණ්ඩාර අයියා(Special Person) 1. අනුරාධ පෙරේරා සර්( ඇත්තටම ජීවිතයට Physics 2. අමිල සර්( ලේ වලටම chamestry ආසාවෙන් ඉගෙනගන්න කියලා දුන්නා) ) 3. Shehan Fernando සර්( Biology නින්ද යන්නේ නැතිවෙන්න ඔළුවටම වැදෙන්න කියලා දුන්නා) ඒ වගේ මම maths නොකළට මට A /L වලට මාර විදිහට උදව් කළා 4. අජන්ත සර්( laptop ) එකක් දීල මේ හැම ගුරුවරයෙක් එයාලෙගේ team එක මාර විදිහට suport කළා හැම දේටම respect සර් results වලින් සාධණයක් කරනවා සර් මේවා වෙනුවෙන් 2026.08.04 Sachith Dilshan H/Thalawa National School Hambantota district

Nimesha Sewwandi
G/Ananada Central College

Physics කියන්නෙ මොන වගේ විශයක් ද කියලවත් හරි හැටි නොදැන A/L වලට ආපු මට 0ඉදන් A+ ළමයටත් ජීවිතයට physics හරි ලස්සනට ඉගැන්නුව අතාරින්න් හිතෙන හැම මොහොතක දි ම වැටෙන්න නොදී අල්ලන් ඉන්න දුන්න motivation එක මාර ම වටිනව සර් "රෝස මල් පාත්ති වෙන්න එපා ලමයි" අහපු හොද ම motivation එක Thank you sir🥹❤️

Teesha de Silva
Sri Sumangala Girls' School, Panadura

Sir, ඇත්තටම කිව්වොත් මගේ අවුරුදු 19 ක ජීවිත කාලය ඇතුලේ හම්බෙච්ච හිතේ උඩින් ඉන්න ගුරුවරු අතරින් සර් එක්කෙනෙක්. මන් මුල දවසේ ඉදන්ම සර්ගෙ class ආවා. සර් ගැන මට දැනගන්න ලැබුණේ telegram එකෙන්මයි. කොහොමහරි මන් online class එකට join වුනා. මට තේරුනා සර්ට ලස්සනට උගන්නන්න පුලුවන් කියලා. හරිම පැහැදිලි විදියට පොඩි තැන ඉදන් ගැඹුරුම තැනට සර් කියලා දුන්නා. Practical life එකට attach කරලා උගන්නන එකට මන් පෞද්ගලිකවම කැමතියි.😍 "ජීවිතයට Physics" caption එකේ හැටියට වැඩෙත් උනා. මගෙ කැමතිම subject එක Physics.❤️ ඒකට තියෙන කැමැත්ත තවත් ඒනිසා වැඩි වුනා. විශේෂයෙන්ම කියන්න ඕනේ අනිත් දේ තමයි, සර් ට ඇත්තටම මම ණයයි. පස්සේ කාලෙක ඇදුනුම්කමකට දුන්න ෆ්‍රී කාඩ් එකක් වුනත් ඒකට මම මගේ පැත්තෙන් සාදාරනයක් කරන්න ඕනෙ බව මන් දන්නවා. මන් දන්නවා ඇත්තටම ඒ ණය පියවන්න පුලුවන් එකම ක්‍රමය තමයි දිනලාම ඉවර කරන එක. ඇත්තටම සර් උදේ රෑ නොබල අපි වෙනුවෙන් වැඩ කරපු එක ගොඩක් appreciate කරන්න ඕනේ. මම කොහොමහරි දිනලම විතරක් ඉවර කරනවා.✊❤️ අන්තිමට කියන්න තියෙන්නෙ, සර් කියනවා වගේ "රෝස මල් පාත්තියක් වෙන්න එපා" කියලා තමයි. මේ වැඩ කරන්න ඕනේ කාලේ රෝස මල් පාත්තියක් වෙනවට වඩා රෝස කටු පදුරක් ඇතුලේ හිර වෙලා ඒකෙන් එලියට එන්න උත්සාහ කරනවා වගේ තමා වැඩ කරන්න ඕනේ. එලියට ආවම රෝස පදුරේ ලස්සන දැකගන්න පුලුවන් වෙන්නෙ එතකොටයි. සර්ට, අනාගතේදිත් කරන කියන දේ සාර්ථක කරගෙන, අපිට වගේම උගන්නන්න ශක්තිය, දෛර්‍යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...♥💪 Thank you so much Anuradha sir..♥ S.A.D.D.T. De Silva 2026 Theory

Inupama Mendini Tharinsa
Matara Central College

Physics කියන subject එක එපා වෙලා තිබ්බ වෙලාවක විභාගෙට මාස 2ක් තියාගෙන අපේ අම්මගෙ බල කිරීමට sirge clz එකට join වුනේ මම. ඇත්තටම ඒ වෙද්දි මම හිටියෙ F මට්ටමෙ ඒත් sirge mcq days,guess days,tea time නිසා අඩුම C එකක් නම් අනිවාර්යයෙන් එනව සර්... ඉතින් ඒකට ගොඩාක් ස්තූතියි සර් ❤️❤️ පන්තියක් ඉවර වෙනව කියල මෙච්චර ඇඩුව පලවෙනි දවස... 😢 මං මගේ ජීවිතේ දිනල සර්ව බලන්න අනිවාර්යයෙන් එනව එදාට අපි කතා කරමු සර්...❤️ මේ දවස් ටිකේ කොහොම හරි ගේමක් ගහල වැඩේ ගොඩදාගන්නව සර්.. ඉතිං Thank you sir❤️❤️ මෙච්චර කල් අපි වෙනුවෙන් මේ කරපු කැපකිරීම්වලට...🙂 අනිවාර්යයෙන් දිනලම විතරයි ඉවර කරන්නෙ...❤️❤️

Nipuna Thilakshana
R\Kalawana National School

ලස්සන මතක ගොඩක් එකතු උන class එකක් sir පරදින්නැතුව මේ game එක ගහන්න කියල දුන්න අපිට sir වගේ ගුරුවරයෙක් ගෙන් ඉගන ගන්න හම්බෙච්ච එකම ලොකු දෙයක් Sir හැම දාම කියනවා වගේ " දිනල විතරක් ඉවර කරනවා " Sir අපි වෙනුවෙන් කරපු හැම දේටම thank you පිං sir 🙉🤍🥹

Vihara

2025 හොදටම කෙලවිලා ඉද්දි අහම්බෙන් mcq seminar video දැක්කෙ.. අන්තිම මොහොතෙ කරන්නම දෙයක් නැති නිසා Video එකේ මුල් ටික විතරක් බලලා exam එකට ගියේ... mcq 10/12 තිබිල Fail වෙන්න හිටපු මන් mcq 25ක් ගැහුවා... 2nd shy එකේ revision එන්නේ Sirගේ කියල එතකොට මන් හිතාගත්ත. මන් ජීවිතේ ගත්ත හොදම තීරණයක් ඒක... අද මට Physics ගැන හොද Confidence එකක් තියෙනවා... මගදි අතැරුන, එපා වෙච්ච තැන් ගොඩක් තිබ්බ.. හැබැයි ආයෙ නැගිට්ට... වැඩ කරා.. සර් හැමදාම Class එක අන්තිමට කියන වචන ටික මාර හයියක් වුනා...අන්තිම දවස්ටික යන්නෙ.. මේ දවස් ටිකත් උපරිම මහන්සි වෙනව සර්... සර් හැමදාම කියනවා වගේ මට බැරි නම් වෙන කාටවත් බෑ ❤ සර්ට ගොඩක් පින් 🥰 Results ආවම හම්බෙමු සර්❤

T

💐me tika kaleta physics subject witharak newei sir melu jeewithema goda giya..api wenuwen mechchara mahansi unata godak pin sir...hamadamath apita dena ea motivation eka nis watila inna welaweth godak hodin wada karagena giya..guruwaru newei devivaru wage inna sirla wage aya apita hambenneth pera pinakata sir...bohoma sthuthiyi api wenuwen ea karapu hama detama...godak adarei sirr❤️❤️anthimata kiwwa ea golden words kawadawath amathaka karanne na..mage jeewithetama ahapu watinaama kathawa...💐DINALAMA IWARA KARANAWA SIR..

Kaveesha Madushan
Carey College

" දිනලා විතරක් ඉවර කරමු " ජීවිතයට... Physics! 💝🔥

Pinindu N. Gunawardhana

සර් මං ඒලෙවල් ක්ලාස් පටන් ගත්තෙත් සර්ගෙ ක්ලාස් එකකින් අද අන්තිමට ඒලෙවල් වල ක්ලාස් ඉවර කරෙත් සර්ගෙ ක්ලාස් එකකින් ඒක ඉවර වෙද්දි මට තේරුනා කාලෙ කොච්චර ඉක්මනට යනවා ද කියලා.....මං පටන් ගත්තෙ බිංඳුවෙන් සර් මං මට physics බෑ කියලා අතාරින්න හදපු අවස්තා සෑහෙන්න තිබ්බා ඒත් සර් කිව්වා හැමදාම අතාරින්න එපා කියලා.....ඉතින් මං අතෑරියෙ නෑ අපි හරිම සාමාන්‍ය පවුලක මිනිස්සු මේක තමා ජීවිතේ අපේ......ඒ වෙනුවෙන් මං මහන්සි උනේ සර්ගෙ වචන අහලා......මට මෙලෝ දෙයක් බැරුව තිබ්බෙ සර් ෆිසික්ස්......ඒ වුණාට සර් කිව්ව විදිහටම දිගටම ක්ලාස් බැලුවා මං වැඩ කරා final papers ලියද්දිත් මට ලකුණු නැතුව තිබ්බෙ හැබැයි මං ඒත් මහන්සි උනා මං discussion අනිවාර්යයෙන් බැලුවා ඒවා අවසානෙට සර් කියනවනෙ මෙච්චර වෙලා අල්ලගෙන හිටිය කට්ටිය අනිවාර්යයෙන් දිනන්න වටිනවා කියලා ඉතින් මං මහන්සි උනා.......මං ඕලෙවල් ඉවර වෙලා ක්ලාස් යන්නෙ කාගෙද කියලා අහද්දි මගෙ නෑදෑයොන්ට කිව්වම අනුරාධ සර්ගෙ ක්ලාස් යන්නෙ කියලා ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගෙ යන්න කිව්වා....හැබැයි දැන් එයාලගෙ ළමයිනුත් යන්නෙ සර්ගෙ ක්ලාස් සර්.....❤ඒ වුණාට මං ගත්ත තීරණේ වෙනස් නොකරපු එක ගැන මං ගොඩාක් සතුටු වෙනවා.....මං පලවෙනි theory ක්ලාස් එකේ ඉඳලා අන්තිම session එක වෙනකන්ම හිටියා එක දවසක්වත් ක්ලාස් කට් නොකර....... දිනපු දවසක අනිවාර්යයෙන් සර්ව හම්බෙන්න තමා මුලින්ම එන්නෙ.....❤මට බැරුව අමාරු වෙලා තිබ්බ විශය ගොඩදැම්මෙ සර්......Thank you so much sir❤❤❤

Nethmini Nisansala
Balawathgama M.V

අම්මා තාත්තට පස්සේ අපි ගැන වැඩිපුර හිතුවේ සර් මට හිතෙන්නේ .අද දවසේ ඇඩුණා සර්.මුලදී අකමැතිම විෂය physics දැන් කැමතිම විෂය physics .දිනලාම ඇවිත් සර්ව බලලා යන්න.සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් පිං සර්.හැමදාමත් ආදරෙයි සර් 🩷🩷

👍👍👍

කියන්න වචන නෑ අපේ පවුලේ කෙනෙක් ගනටම ලං වුනා. හැමදාමත් මේ මතක අපේ හිත් වල ඉතුරු වෙලා තියෙයි ගොඩක් පිං මේ කරපු හැම දේකටම 🙏 💖❤️💖

Bhagya Herath
Sir John Kothalawa College

ජීවිතේ එක එක අභියෝග එද්දි වෙන මිනිස්සු කීවේ ඒ දේ කරන්න එපා කියලා...ඒත් සර් හැමදාම කියන්නේ මේ දේ කොහොම හරි කරොත් ඔයාට අන්තිමේ කියන්න ලස්සන කතාවක් ඉතුරු වෙලා තියෙයි කියල 🥺✨ මන් සර් වගේ positive මනුස්සයෙක් මගේ ජීවිතේට දැකලා නැහැ...❤️

Janidu Niroshan
Private candidate

අහම්බෙන් sirge paper clz සෙට් උනේ.එදා ඉදන් තමයි වැඩ කරන්න පටන් ගත්තේ අතාරින්න හිතුනත් සර්ගෙ වචන ටික හින්දා අල්ලන් හිටියා... කියන්න සතුටුයි දැන් එදාට වඩා හොද තත්වෙක ඉන්නවා. Thank you so much sir...🤍 ඉතිම් දවසක දිනපු මිනිස්සු විදිහට අපි හම්බෙමු...🤍

Asha Thilakshi
Kannangara College Mallawapitiya

Sir me mage 2nd shy eka ... MN 1st shy eke sirge awe naa ( den therenw mge modakama ) 😢😢 sir first eke S ekak thiyenne , sirge clz awilla wedi kalayak na sir Mt physics walata thibba baya nethi una sir ..❤❤ adarei sir hemadamath ❤❤ den mge physics lakuna B ekakata lan wela thiyenne sir 🎉🎉 kohmhari me dws tike mahansi wela eka A ekak kr gnnawamai sir ❤❤ kalin shy eke physic S mark (35) ekt wada kawadawath lakunu wedi wela na sir 😢 attamai 😢 ekata den hodata lakunu penawa ❤❤ mage physics lakunu wedi wenna MN weda krnn athi 😊 ita wada sir weda kr ape lakunu hdnn ❤❤ mcq days , practical night , tea time session ....wage kiyk dewal karada ... E okkoma free blnn dunna ❤😊😊sirge clz awilla loku kalayak nowunath anthima wachana Tika kiyala sirge Muna balanakota adenawa sir...😢❤❤ . Anthimata kiypu widihata dawasaka sirwa hambenna enw ❤😊 jiwithe dinapu manussayek widihata ❤ hemadama sathitin parissamin inna sirr

Nisal

Me hema dekatama help ek sirgen.❤️me hema dekatama pin sir 🥺

Methira Hemsara
Sri Palee College - Horana

*Physics පුලුවන් උනානම් ඒ සර් නිසා තමයි🥰✨❤️❤️* මගේ 1st shy එක 2024 a/l ඒලෙවල් වලට ආපු දවසෙ ඉදල මට physics ලොකුවට තේරුනේ නෑ ඉස්කෝලේත් කිසිම term test එකකවත් පන්තියෙ paper class එකට වත් ලකුණු 20 පන්නල ගන්න වත් බැරුවයි ඉදියෙ මුලදි ගුරුවරු දෙන්නෙක් ලගටම පන්ති ගියා ඒත් වැඩක් උනේ නෑ අන්තිමට ගෙදරටත් ගුරුවරයක් ගෙනල්ල ඉගැන්නුව ඒත් ලොකු ප්‍රගතියක් තිබුනෙ නෑ 2024 a/l exam එකට මාසයක් විතර තියෙද්දී තමයි මන් සර් ගැන දැන ගෙන සර්ගෙ අන්තිම මාසෙ සර්ගෙ program වලට සම්බන්ද උනේ මට මාරම උදව්වක් උනා ඒක සර් කියපු දේවල් හොදට තේරුනා සර්ට පිංසිද්ද වෙන්න මන් ඒ අවුරුද්දේ fail වෙන්න ගිය physics subject එක "S" එකකට හරව ගන්න පුලුවන් උනා මන් 2nd shy කරන්න තීරනය කරල සර් ගෙම ක්ලාස් ආව සර් කියපු විදිහට වැඩ ටිකත් හොදට කරගෙන ගියා ටිකෙන් ටික පාඩම් ටික හොදින් අල්ල ගත්තා papers වලටත් ලකුණු වැඩි වෙන්න ගත්තා 2026 a/l ලංවෙනකොට සර්ට පිං සිද්ද වෙන්න මන් physics "A" එකකට ලකුණු හදාගෙන තිබුනෙ ඔය විදිහට මන් 2026 a/l ලිව්ව නමුත් අවාසනාවකට මම MCQ paper එක වෙලේ අනවශ්‍ය විදිහට හිත කලබල කර ගැනීමත් එක්ක paper එකේ මුල් හරියෙ තිබුන S මට්ටමේ mcq ගොඩක් වරද්ද ගෙන තිබුනා ඒ නිසා මට උපරිම ලකුණකට යන්න බැරි වෙලා "C" එකකින් නවතිනව නමුත් මට ඒ result එකත් මාරම ලොකු දෙයක් මොකද සර් මම a/l වලට maths කරන්න ආවෙ ඕලෙවෙල් වලට science වලටයි maths වලටයි "C" තියාගෙන ඉතින් මට A/l physics වගේ විෂයදාරාවකට "C" එක්ක් කියන්නෙත් මාරම ලොකු දෙයක් මම එතනින් නවතින්න තීරනය කරන්නෙ නෑ මොකද මගේ තියෙන ඒ පොඩි පොඩි අඩුපාඩු හදාගත්තොත් මට ලොකු තැනකට යන්න පුලුවන් කියල හිතුන නිසා 3rd shy එකක් කරන්න තීරනය කළා ඉතින් සර්, අද පන්තියෙ අන්තිම දවස සහ මගේ අන්තිම chance එක *මේපාර කොහොම හරි subject තුනටම "A" තුනක් දාල engineering select වෙනවමයි..😇✨* සර්ට ගොඩක් පිං සර් නිසා විෂය කරුණු විතරක් නෙවෙයි ජීවිතතේටත් ගොඩක් වැදගත් දේවල් ගොඩක් ඉගෙනගත්තා, කියල දුන්න මගේ ජීවිතේ කවදාවත් සර් වගේ ආදරණීය ගුරුවරයෙක් මට හමුවෙලා නෑ🥺❤️ අපි වෙනුවෙන් කරපු කියපු හැම දේකටම ගොඩක් ස්තූතියි, ගොඩක් පිං.🥰✨❤️ ❤️❤️දිනලම විතරක් ඉවර කරනව..💫🥰

Januthmi Shanudi
President's College Embiipitiya

mn sirge clz awee mee masee vithry eth mee masedi mn gdak dewal igena gaththa physics baa kiyla hithuna thana idla naa meka goda daganna puluwn kiyna thnt mind eka haduneh sir nisaa thank you sir 🥰

🐬

පොඩි කාලෙ ඉදන් physics පැත්තට්මාරම විදියට ආසා කලෙ සර්. හැබැයි ගෙදර බිංදුවේ ඉදන් උන ප්‍රශ්න නිසා 1st and 2nd shy දෙකම ඉවර කරන්න උනේ අඩුම result එකකින. සර්ලා වගේ මිනිස්සු අඩුයි කවදා හරි මන් හිතන් ඉන්න ගේම් එක ගහලා දවසක දිනපු මනුස්සයෙක් විදියට එන්නම් බුදු සරණයි සර් 🙃🤍

Sewmini Swarnasinghe
Girls' High School Kandy

මන් සර්ගෙ ක්ලාස් එන්න පටන් ගත්තෙ දෙසැම්බර් වල result එන්න කලින්.. මට ලොකු විශ්වාසයක් තිබ්බ මන් වගෙ 0 ඉන්න කෙනෙක්ට සර් තම හොදම කියලා.. පලවෙනි වතාවෙම සර්ගෙ ක්ලාස් එන්න තිබ්බ නම් කියල හිතුන වාර අනන්තයි සර්... එදා ඉදන් අද වෙනකම් සර් කියපු විදියටම වැඩ ටික හරියට කරා සර්... H.W,PP disscusion,cls එ හැම දෙයක්ම හරියට කර ගත්තා... හැම ටියුට් එකක්ම කරා... සර් උගන්නන විදියට කාටද ආස හිතෙන් නැත්තෙ🥹... මෙ පාර හොද result එකක් දානවා සර්.. දිනනකම් මෙ රේස් එක අතාරින් නැ සර්. අනිවාරෙන්ම දිනනවා.....❤️🥺🤝.. ගොඩක් ස්තුති සර් හැමදේටම.ගොඩක් පින්...සර් මන් දැක්ක අහින්සක මනුස්සයෙක් හැමොටම හිනාවෙලා කතාකරන... ඉගෙනීමම නෙමෙ ජීවිතෙට ගොඩක් දෙවල් එකතු කරා....respect sir🙏🫡❤️... ආදරෙයි.. Sandeepa sewmini Girls' High School Kandy ❤️@anuradhaperera

Ruweka Pathirana
MR/Morawaka Keerthi Abeywikrama National School

kiyanna deval godayi. eeth vachana na monava krnnda sir. sir meka dakinavaa kiynna mm dannava. KIYNNA PLVN UPARIMA KETIYEN KIYANNADA. "pin sir" me vachana deka athule kiyavena deval godayi sir. amma,thaththa venuven, sirlage,team eke kapa kirima venuven, mage hina venuven krnn plvn uparimen dinalama ivara krnv sir.🌸

Vimasha 👻

ගුරුවරෙක් නැතුව මට මුනගැහුනු දෙවියෙක් කිව්වොත් මම හරි.🥺❤️ සර්ගෙ වචන මාර විදිහට හිතට වැදෙනවා ..❤✊ ක්ලාස් එකක් පටන් ගන්න කොට ඉවර වෙන කොට අතර මැද්දේ හරි සර් දීපු මෝටිවේශන් නිසා (specialy -රෝස මල් නම් වෙන්න එපා 😂🤭🌹) තාමත් මේ ගේම් එක මන් අල්ලන් ඉන්නවා...🫀💯 ඉතින් සර්, සර්  අපිට උපරිමයටත් එහා දේවල් දුන්න ..එකෙක්වත් හලන්නේ නැතුව ට්‍රැක් එකේ අරන් ගියා..බින්දුව මට්ටමේ පවා...මේ මොහොතෙදි පවා අපිට අපි කව්ද කියලා කියලා දුන්නා සර්...ඉතින් සර් මේ හැම දේකටම පිං...🫀🙏 ජීවිතයට physics කියන්නේ නිකම්ම නිකම් ටොපික් එකක් නෙමෙයි..ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක්..✊ ඉතින් , කිසිවක් නිම වී නැත...සියල්ල තවමත් සිදු වෙමින් පවතී...✊ ආදරෙයි සර් 🥹🫶💯 2026 A/L "

Dewmini Damsarani
H/Beliatta Nationsl College

ජීවිතයම physics උන කාලයක physics ජීවිතම කර තරුණ ගුරුතුමනි, තුති වේවා ගුරුතුමනි අපහට කල මෙහෙවරට.....අසරණ ලමයිනුත් අවසානේ දිනනකන් අල්ලන් ආව ගුරුතුමනි නැවතත් තුති වෙවා...... එන්නෙමි මම හොද ප්‍රතිඵලයක් අරන් ඔබ අසලට........... ඉතින් මට නවතින්න අවසරයි මෙතනින් සමුගන්නට අවසරයි ඔබෙන්..........       තුතිවේවා...............🙏🏻🙏🏻🙏🏻                        මීට, My Dream✍🏻

Vihanga Dewmini
Mahinda Rajapaksha College Matara

සර් මේ කරන උදව් වලට වැඩියෙනුත් එක්ක තව හරි යන්න ඕන 🥹❤️

Dulari Hiranya
St. Anthonys Girls' College Kandy

සර්ව හම්බුනේ අවසන් මෙහොතේ sir...Ethakotath වැඩේ අතහැරලා දාලා hitapu mama eda hitapu thankata wada ada weddi akuru 2 ka 3 k issarahata awith innee sir kiyapu wadihata e podi kaledi wada karapu nisai..❤ Sir...Sir අපේ ජීවිතේ Positive turning point එකක් වුනා..💝lජීවිතේ වටිනා දෙයක් ලබාගන්න නම් වටිනා කැපකිරීමක් කරන්න Ona කියන mind set eka හැදුවෙත් Sir..🤍💐 Apita e දුන්න හැම support එකකටම sirta ගොඩාක් පිං..thank u sirta e හැම දේකටම...❤️✨මේ පාර හොද result එකක් දාලා sirta කතා කරන්න එන්නම් aniwa...✨ Sir කරන හැම වැඩක්ම sir හිතනවටත් වැඩිය වැඩි වැඩියෙන් සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..💐💪 රෝස මල් වත්තක් මැද වුනත් රෝස මලක් නොවී ගේමක් ගහගන්න උගන්නපු 💪🫡.... Apee Sirta BS...

Sasunie Ahinsa
C.W.W. Kannangara Central College,Mathugama

සර්, දන්නැතුව ඇති. සර් වීඩියෝ එක ඕෆ් කරලා යද්දි ඉබේටම කදුලු ආවා ඇස් දෙකට. ඒ තරම්ම හදවතට දැනිලා තියෙන්නේ. උගන්නපු දේටත් වඩා මං ආසම mindset එක හදපු විදියට. දැනටත් මට හයියට තියෙන්නේ ඒක.තව දවස් 5 ක් තියෙන්නේ උනත් මං උපරිම ගැම්මෙන් ඉන්නේ. සර් ට කවදාවත් වරදින්න හොද නෑ 🥺❤️. බොහොම පිං සර්.අපි හැමෝම දිනලා එන්නම් 💕

T Nimzara

Mge kthawa dntnm tikak shochaniyai ....habai thama game eka atharala nh....e sirl hndm thma O/L waladi ape scl eke ape grade eke wdiyenm lakunu thibba yaluwo set ek une ape set eka...smhr kttiy awruddk klin A/L kr smhr aya wena sub. kranna giya smhr kttiy wena palathwala board wela AL kra ...mn online kranna thirnya kra....mn muldi hodt wda tika krn awa exam ekt masa 8k withr thiyala mn ohe distract una social mediawalata,tv serieswalata ehm... e hnd me anthima mase wenkm wge kisim hagimk thibbe nh meka karanna ona kiyl nikn karanwt kra....mge klin AL liww mgem wyse yluwo ehmnm campuswalata pwa select wela eyala ktha krddi mth eyala ekkama ALs krnm mge thathwe mita wda sthutudayaka wenna thibb ehm hithala mn gana blnkot mt mn ganama dukai...me pra kra ganna plwn weid kiyl mt wishwayask nh....anika mth ekka karana ayath hoda thanwala innw ...sir qwa kenagen kenat kthawa wens kiyl anith aya ekk thmnw compare krnn epa kiylth ...habai mtth eyala ganatama AL wala yam deyk karanna plwnkm thibuna kiyl mn dnnw ..mt danena widiyt OLs wlin apu over confidence ek mt kelawenna hethuwk wennthi kiyana ekai(ek qwe me comment eka psse kiyawana kenekt dnagnna)....sirl dena gmma hndm thamath wda tika krn ynw ....me gmma wibage iwr wenkm komhri thiygnnw exam ekedi uparime karanna blaporoththu wenw....mn sirge clz aweth drawasthithiya hriyedi klin clz giypu sir set nthuw....mathswalath muldi giyou clz eka passe mru kra ewge siddi arenna mge ALs wala ehm loku wishesha siddi adui ....phy6 nm yam mattamaka innw awama B ekawath sure me para bri unoth mt ona karana widiyt exam ek goda daganna loweth ilaga paranm superb game ekak ghnw ....ah ALs waladi thw igena gaththa api hodai kiyala hithan inna samahr minissu ehm nh eyala ikmnt wens wenaw wge dewluth.....e koma unthThank you sir hamadekatama...adarei sirt 🤍

Nadun

ගහගන්න බැරි උනත් මම දැන් යකෙකුටවත් බය නෑ කෙලින්ම යුධ මනසිකත්වයෙන් ඉන්නෙ sirr (Thanks for everything ❤️❤️)

Thisumya Rathmalla
Maliyadeva Balika

මෙච්චර කාලෙකට මට තේරුම් ගන්න බැරිම වුනු එකම දේ තමයි අම්මා තාත්ත ඇරෙන්න පවුලේ ළඟම නෑදෑයෝ කවුරු වුණත් අපිට වැරදෙනකම් බලන් ඉද්දි එළියෙන් පෙන්නනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා ඇහුනට වැරදුනාම හිනාවෙන්න බලන් ඉන්න මිනිස්සු රොත්තක් වට කරගෙන ඉන්න උපරිම අසරණ වෙලා ඉන්න අපිට ඇයි.. සමහරවිට සර් අපිව දැකලවත් නෑ. අපි කවුද කියලා දන්නෙත් නැහැ. කිසිම සම්බන්ධයක් නැතුව ඇයි මෙච්චර අපිට උදව් කරන්න කියන එක තේරෙන්නේ නැහැ ගුරුවරු හැමෝම එහෙමයි. හැබැයි සර්ගේ මොකක්ද අමුත්තක් තියෙනව. ඇත්තටම physics වලට ගොඩක් පල්ලෙහි තත්වෙක හිටියේ හැබැයි guess days ටික සුපිරි mcq semina එක සුපිරි කරගන්නම බැරිම වෙයි කියලා හිතපු සබ්ජෙක්ට් එක ලියාගන්න දැන් සෑහෙන කන්ෆිඩන්ස් එකක් හැදිලා තියෙනවා මට මේක පුළුවන් වෙයි කියලා. සෑහෙන ගුරුවරු තොගයක් අපි වෙනුවෙන් මහන්සි වුණා හැබැයි අර අපි කියන්නේ බොක්කෙන්ම අපිට මහන්සි වෙනව දැකපු රැයක් දවාලක් නැතුව අපි වෙනුවෙන් වැඩ කරපු ගුරුවරයෙක් ඇස් දෙකෙන් දැක්කනම් ඒ අනුරාධ සර් ව ිෂන් ක්ලාස් එකේ A to Z සම්පූර්ණ සිලබස් එකම කවර් කරලා කිසිම රෙකෝඩින් එකක් අප්ලෝඩ් කරන්නේ නැතුව ලයිවුම අපිට ක්ලාස් ටික කරලා ඊට පස්සේ ආපහු guess days වලින් ්‍රශ්න කරලා සම්පූර්ණයෙන්ම පාඩම පිටින්ම රිවයිස් කරලා දවස් පිටින් සෙමිනදාලා සේරම නොමිලේ කරා වගේ ඇත්තටම ගත්තොත් අවසාන මාසේ ඒ කරපු වැඩ තොගේ සීයට දහයක්වත් සර්ගේ ඇප් එකෙන් දාපුව නැහැ . ඒකෙන් සීයට අනූනම යම්ම තියෙන්නේ youtube එකේ දාපු ඒවා ඉතින් කියන්න කියලා ලොකු දෙයක් නෑ කියන්න තියෙන එකම දේ සර්ට හරියන්න ඕන උතුරන්න හරියන්න ඕන ේ මේ ළමයින්ගේ ජීවිත වෙනස් කරන වෙනස් කිරිල්ලම ඇති සර්ට කවද හරි දවසක උපරිමයටම උපරිමයටම උපරිමයටම හරියන්න ෙ ගොඩක් පින් sir❤️

Sandaruvi Ramudi Sidangana

අනිත් මිනිස්සුන්ගේ හීනවලට පණ දෙන්න හැමෝටම බෑ. AP ❤ සර් ඒක කළා ❤🎉. සර් ට ගොඩක් පින් 🙏❤️

Tharushi Madanayaka
G/Siridhamma College

මට හොදට මතකයි 2024 මැයි අන්තිම සතියේ 2026 Theory පන්තිය පටන් ගත්තේ......කියන්න සතුටුයි සර් පන්ති පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකන්ම කිසිම මාසයක් මිස් නොකර පන්ති ආවා.....අවුරුදු 2ටම පන්ති මිස් වෙන්න ඇත්තේ ටික දවසයි...... සර්ගේ clz ආපූ මුල් දවස්වල යාලුවො කිව්වා online සෙට් වෙන්නෑ physical යන්න කියලා.....ඒත් මන් ytube එකේ සර්ගේ පරන වීඩියෝ බලලා තිබුනා හින්දා තේරුනා ...physics වලට සර් හොදයි කියලා..... FLW paper එකේ ඉදන්, විවරණ පොත්, Homework discussion ....මේ වගේ දේවල්නම් වෙන කිසිම පන්තියක කරන්නෑ දන්න තරමින්..... මන් ගොඩක් දක්ෂ ළමයෙක් නෙවෙයි සර්.... මන් training paper ඉදන් guess pepar වෙනකන් හැම paper එකම වගේ ලිව්වා.....කොච්චර ලකුණු අඩු උනත් සර්ගෙයි ළහිරු සර්ගෙයි discussion බලබල ඊලග paper එකට ලකුණක් හරි වැඩි කරගන්නවා කියලා හිතන් වැඩ කරා.....A/l paper එකට කොච්චර අමාරු paper ආවාත් බය නැතුව ලියන්න පුලුවන් paper clz එකේ අමාරු papers ලියලා තීන නිසා..... මේ දවස් ටිකේ උපරිම ගේමක් ගහලා physics වලට A දාන්න මහන්සි වෙනවා සර්.......මට හැමදාම clz එකක් ඉවර කරද්දි සර් දෙන මොරාල් එක හින්දම තව ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න හිතෙනවා.....සර් වෙලාවට පන්ති පටන් ගත්තේ නැතිඋනත් කවදාවත් වෙලාවට කලින් ඉවර කරන්නෑ😁...පුලුවන් උපරිමේ කරනවා......"අනුරාධ පෙරේරා "කියන නම ඇහුනත් මාර ගෞරවයක් සර් ගැන දැනෙන්නේ♥️🙏 ..... සර් කියනවා වගේ " හැමෝම හුළගකටත් බයයි ඔයා කුණටුවකටවත් බය වෙන්න එපා"✨️......මගේ හීන හැම එකක්ම දිනලම විතරක් ඉවර කරනවා සර්♥️♥️.....මෙච්චර කාලයක් අපි වෙනුවෙන් කරපු හැමදේටම ගොඩක් ස්තුතිය 🙏✨️..... Tharushi M. 2026 A/L

H.D. Ameesha Nethsarani
G/Rippon College

apiva kauru vishvasa karath natath taman tamanva vishvasa karala tamanta puluvan kiyla e vishvse haduve sir hamoma dala giyath sir vitarai api ekka antima mohotha venakan api ekka hitiye aurudu 2 ta vadi kalayak sirgen igena gena ada igena ganna antima davasa kiyla matahk unama sirva dala yanna dukai sir api venuven karapu hamadetama sirta godak pin 🙏 kisivak siduvi avasan natha siduvemin pavathi meka dinala vitarak ivara karanava thank you sir❤️

Diwya Thilakarathne
H/Debarawawa National College

Bunuka Dilshan
Sripalee College

" දිනපු මිනිස්සු විදිහට හම්බෙමු " 'මම හිතනවා මේක අපි හැමෝටම ගොඩ යන්න chance එකක් ' do it better. මගෙ capacity එක මෙච්චරයි කියන වචන ටික කියන්නේ සර්ගේ මූනට ! 26 A/L banuz.jpg

Rash

සර් ගැන කියන්න දෙයක් නෑ 🥺❤️ හැමදාම AP හදවතේ ඉන්නේ පොඩි වචනෙකින් motivate වෙලා ජීවිතේ යන්න පුලුවන් උපරිම තැනකට ගිහින් තවත් ලමයින්ගෙ ජීවිත ගොඩ දානවා...🥹ආදරෙයි සර් හැමදාම❤️🥺 Thank you @APMediaTeam ඔයාලා දුන්න support එකට..🥹❤

Dasindu Weerasooriya
Ranabima Royal College

එපා කරපු Subject එකක් ගෙමක් ගහන්න ඔනී කියල හිතුන විදිහට ජිවිතෙ වෙනස් කරපු, අපිට වඩා මහන්සිවුන AL ජිවිතෙ හම්බුන හොදම ගුරුවරයා Thank you Anuradha Sir ❤️ "දිනල විතරක් ඉවරකරමු"

Dineth Nethsara Gurusinghe
G/Ananda Central College

ඇත්තටම සර් මම ඒලෙවල් වලට එද්දි එහෙම ලොකු අදහසක් තිබ්බෙ නෑ. මම එදා 2024 ගත්ත හොදම තීරණයක් තමයි සර්ව තෝරගත්ත එක. එදා ඉදන් අම්මට තාත්තට මෙච්චර ආදරේ කරන්න. ඒ දෙන්න වෙනුවෙන් ඇත්තටම ලොකු ලොකු දේවල් කරන්න මගේ හීන උඩට ගත්තෙ සර්... හැම පාඩමක්ම live ම කරා. අතාරින්න කියල හිතෙන හැම වෙලේම උස්සල තිබ්බ. මට මාව හොයාගන්න පුලුවන් උනා.ඇත්තටම සරුයි අමිල සරුයි කියන්නෙ ගුරුවරු විතරක් නෙවෙයි. පැය ගනන් ටියුෂන් එකක් විදිහට නැතුව අපි වෙනුවෙන් ඒදේ කරා.. අනිවාරෙන්ම අපි හම්බවෙමු සර්. මට වචන ගලපගන්න තේරෙන්නෙ නම් නෑ සර්. මට හිතට එන දේ ටයිප් කරා විතටයි. තව කියන්න ගොඩක් දේවල් තීනව... දිනල විතරක් ඉවර කරනවමයි.❤

Hiruni Wasana
St'Paul's Balika MV

ඉස්සෙල්ලාම සර්ට ස්තුති කරන්න ඕන.සර් අපි වෙනුවෙන් කරපු දේවල් අදින් ඉවර වෙයි.හැබැයි අපේ ගේම් එක තාම ඉවර උනේ නෑ.සර්ත් එක්ක online ව තමයි මම හිටියේ.recording බලල තමයි මම මේ ටික මේම හරි කර ගත්තේ.මට සර්ගෙ clz එන්න සල්ලි නෑ සර්.මම සර් දුන්න free session වලින් ගේම ගහගත්තේ🥺...මගේ තත්තා ට රස්සාවක් කරන්න බෑ.අම්ම තමයි ඔක්කොම කරන්නේ.ඇත්තම කිව්වොත් මම වැඩ කරන්න පටන් ගත්තේ මීට මාස දෙකකට කලින්.මම 25 A/L ලිව්වා.මට SSS තිබ්බෙ.මම සර්ගෙ clz බලන්න ගත්තේ 25 A/l වලට අන්තිම සතියෙ ඉදන් කියන්න සතුටුයි fail වෙන්න ඉදපු මම S3 ක් දැම්මනේ.මම මේ msg එක සර්ට දන්නෙ.සර්ගෙ clz එකට සල්ලි ගෙවන්නෙ නැතුව නොමිලේ දෙන දේවල් වලින් ගේමක් ගහ ගත්ත කියන්න ඕන නිසා.මම හිතනව මට B+ එකක් ගන්න පුලුවන් වෙයි කියල අනිත් දෙකෙත් මට combined එක අමාරුයි මට යන්න clz එකක් නෑ.මම papers කරලා මේ පාර කර ගත්තේ.සර්ලා වගේ ගුරු දෙවිවරු නිසා මම හොද තැනකට ඒවි.කවදාවත් ඒ දේ අමතක වෙන්නෙ නෑ සර්🥺🙏🏼... ජීවිතේ තියෙන වටිනාකම සර් මට කියල දුන්නා,ඒක නිසාමයි මම තාමත් වැටෙන් නැතුව මේම ඉන්නේ🥺...සර්ට ගොඩක් පින් සර් මේ වගේ free session කරාට.මම වගේ තව ඇති දුප්පත් අය,ඒ අයටත් මේක ගොඩක් වටිනවා.මමත් දන්න මගේ යාලුවොන්ට සර්ගෙ video, live clz share කරා ඒයාලත් ඒකෙන් වැඩක් කර ගත්ත කිව්වා😊... සර්ගේ free දුන්න හැම live clz එකක්ම මග අරින් නැතුව බැලුවා,සමහර දවස් වලට නින්ද යන්නෙ නෑ බයට මේක කරන්න ඕන කියල මතක් වෙද්දී.සමහර දවස් තිබ්බ ඇති කියල හිතපු වෙලාවල් ඒත් සර් කියපු දේවල් ඔලුවට ආවම සර් ආපු තැන දැක්කම ඇයි මට බැරි කියලා හිතුන වාර අනන්තයි සර්🥺... මට අනිත් ළමයින්ට වගේ සර්ව ඇස් දෙකට දැකලා කතා කරල යන්න පිනක් නෑ ඒත් සර්,සර්ගේ motivations වලට මම මාර විදියට වෙනස් උනා🥹❤️... ගොඩක් අය මට කර ගන්න බැරි කියල කියනවා තාමත්.හැබැයි ගේම අත අරින් නෑ සර් මොන දේ උනත්😊❤️ මම සර්ට personally msg එකක් දාන්නම් දවසක ඒ දවස තමයි මගේ ජීවිතේ ලස්සනම දවස වෙන්නෙත්...🥹❤️ හැමදේටම ගොඩාක් පින් සර්ට🥺🙏🏼❤️ _Hiruni ✍ _

Kavishka Nethmi
G/Siridhamma College

මන් සර්ගෙ පන්ති ආවෙ නැහැ මොකද මට ඔන්ලයින් පන්ති සෙට් වෙන්නෙ නැති නිසා ඒත් මන් සර්ගෙ වීඩියෝස් බැලුවා යූ ටියුබ් එකෙන් මන් ගියෙ නැති වුනාට මගෙ හොදම යාලුවෙක් සර්ගෙ පන්ති ආවා එයා මට සර් යූ ටියුබ් දුන්න පන්ති වල ලින්ක් එව්වා මන් ඒවත් බැලුවා ඇත්තටම සර් මට ඒවා ගොඩාක් උදව් වුනා සර් exam ලන් වුනාම ඒකට කරගෙන ආපු live වල ලින්ක් එව්වා මන් ඒවත් බැලුවා අන්තිමට මන් exam එකට සති දෙකක් විතර තියලා මන් ටෙලිග්‍රෑම් එකේ සර්ගෙ chanel හොයලා මන් ඒවටත් join වුනා ඒ තරමට සර් උගන්වන විදිහ මට සෙට් වුනා මේ අන්තිම දවස් ටිකේ සර් exam එක වෙනුවෙන් කරපු මුල ඉදන් අන්තිම අග වෙනකම් දේවල් ඇත්තමයි සර් මට ගොඩක් ගොඩාක්... උදව් වුනා සර් අන්තිමේදි හරි යන්තම් හරි මේ subject එක ගොඩදාගන්න මට පුලුවන් වෙයි... කියන ඒ විශ්වාසෙ මගෙ හිතට දැනෙන්න. මන් ගොඩක් දුක් වුනා අනේ ඇයි මට ඔන්ලයින් පන්ති සෙට් වුනේ නැත්තේ කියලා ඒ තරමට මේ පොඩි දවසට සර් උගන්වන විදිහත් එක්ක සර්ගෙ පන්ති හිතට වැදුනා සර් ඉතින් සර් මන් ආයි අයිත් කියනවා මේ අන්තිම කාලෙ කරපු ඒ වැඩපිලිවෙල මට මේ විශය යම් තාක් දුරකට හරි ගොඩදාගන්න උදව් වුනා ඒම යූ ටියුබ් live දීලා ඒ කරපු උදව් වලට සර්ට ගොඩක් පින් ඒ වගේම මගෙ ඒ යාලුවටත් ගොඩක් පින් සර්ගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා... ❤️☺️

Pramodya Madushani
R/Ferguson High School

ජීවිතේට හමුවුණු හොඳම ගුරුවරයා...❤ ප්‍රශ්නයක් එන හැමවෙලේම සර්ගෙ motivation වලින් තමයි ආයෙම හැමදේම අමතක කරලා වැඩ පටන්ගනේ... කවදාවත් සර්ව අමතක වෙන්නේ නැහැ සර්.. අම්මා තාත්තාගෙන් පස්සේ සර්ට විතරයි ණයගැති... අනේ ගොඩක් පින් සර් අපි වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කලාට... Aniwryenma Dinala Sirwa Hambenna Enwamaii.. Sirta Thwa Hariynna onii sir❤ Thank youuu sir....❤

Prashani Udeshika
Sacred Heart Convent Galle

AL walata awa mul kale idalama mata physics walata anith subjects dekata wada tikk loku bayak thibuna sir,mokada smahara points therune nathi apahadili than thibuna,haby sir ugnnapu widiya ekk e hama point ekk hodatama theruna sir... anthima daws wla karapu guess days tika,final revision eka,mcq seminar eka,practical night eka marama watinawa sir, kalin ewa igena gaththe nathi kenkt unath therum gann puluwn widiyata sralam thana idala sankeerna thanata enknma sir godak kapawimen igannuwa,e kapawimat kiyann wachna na sir.. issrahat AL karann inna onama kenekt baya nathuwa recommended karann pulwn brand ekk thamay 🔥AP🔥 kiyanne .anthima wenaknma thamant thamnwa kawud kiyala aduragann sir ge wachana marama hayyak wenawa.anthima ada me wenknma apiwa thani karannathuwa innwata sir ට godak pin❤️ape heena hitahna tharan dura na kiyala apita kiyala dunne sir.. e confidence eka,api athule athi kalata kiyann wachna na sir,.. Thank you sir....❤️ "Dinalama witharak iwara karamu...."

Apsara Dewindi
R/Emb/Rahula National School

මට මුලින්ම සර්ව හම්බෙන්නෙ මීට මාස දෙකකට කලින් physics කියන විෂය එපාම වෙලා තිත්තම වෙලා ගියපු වෙලාවක. මං මුලින්ම එහෙම සර් ගැන දන්නෑ හැබැයි motivation videosනන් ඇති තරන් බලලා ඇති yt එකේ. මං සර්ගෙ class ආවෙ නැත්තෙ online class මට සෙට් වෙන්නැති නිසා ඒක තමයි මං මගෙ ජීවිතේ කරපු ලොකුම වැරැද්ද...💯💯 ඒත් අන්තිම මාස දෙකේ මං සර්ගෙ class එකට join උනේ සර්ගෙ වැඩපිලිවෙල next level සර්. සර්ලා වගේ ගුරුවරු පහල වෙන්නෙ අපේ පිනකට.💯💯❤️‍🩹 හිටියට වඩා ස්තාවර මට්ටමක මං දැන් ඉන්නවා ඒ සර් නිසා සර්ට පිං සිද්ධ වෙන්න.❤️‍🩹💖 මට කියන්න තේරෙන්නෑ සර්ගෙ වචන ඒවා තනිකර බෙහෙත් වගේ සර් අඩියටම වැටිලා ඉන්න මනුස්සයෙක්ටත් ආයිම වතාවක් නැගිටින්න හයියක් වෙන.... 💯❤️‍🔥🥺Sir නිසා ඔහේ ගෙවුනු මගේ ජීවිතෙත් හරි ට්‍රැක් එකට ආවා සර්.... සර්ගෙ කටහඩ ඇහුනත් ඇති ගැම්මක් එන්න...වැඩ කරන්න... පන්තියක් ඉවර වෙලා ඉන්නෙම සර් කියන අන්තිම වචන ටික අහන්න දැන් බෑ කියලා හිතුනත් ඒ වචන ටික ඇහුවට පස්සෙ ආයි නෑ මට පුලුවන් කියන තැනට mind එක හැදෙනවා...💯💯❤️‍🔥  සර්ට ගොඩක් පිං සර් අපි වෙනුවෙන් කරපු හැමදේටම....💯❤️‍🩹💖🥺 Thank you sir...❤️❤️‍🩹 "දිනලා විතරක් ඉවර කරන්න...❤️‍🩹🍃" එහෙනන් අපි ගිහින් එන්නන් සර්. දවසක හම්බෙන්න එන්නන් සර්ව හීනවලට ගිහින් දිනපු කෙල්ලෙක් විදියට ...🥺❤️‍🩹 Thank you so much sir..❤️❤️

Sahan C.
Badulla Central College

මම සර්ගෙ 2026 theory ක්ලස් පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකන් එනවා... සර් ගැන මට කිව්වේ අපේ අයියා... එයා දැන් china scholarship එකක් හම්බිලා එහෙ වැඩ කරන් යනවා... ඇත්තටම ගුරුවරයෙක්ට වඩා අයියා කෙනෙක් වගේ කෙනෙක් සර්... වචනෙකින් හරි හැමවෙලේම ලමයෙක්ට උදව් කරන්වා... වැඩි වැඩියෙන් හරියන්න ඕනේ සර්... Thank You Sir ❤️❤️ හම්බුන ලස්සනම mindset එකක් තිබ්බ ගුරුවරයෙක්... සර්ගෙන් physics වලට වඩා ගොඩක් දේවල් ඉගෙන ගත්තා... දවසක කතා කරල යන්න එන්නම් ❤️

Prabhashwara Hewage
Dharmapala Vidyalaya Pannipitiya

රෝටරියේ අන්තිම දවසේ යාලුවෝ sir එක්ක selfies ගන්න පොරකද්දී මන් හිතාගත්තේ එක දෙයි. අද නෙමෙයි මන් selfie එක ගන්න දවස. මේක දිනලා ඇවිත් sir හම්බෙන දවස තමයි මගේ දවස.🤍

Hansaka(kurulu)✨

හොදම හමුවීම..🤍 Thank You So Much Sir..🥺🤍

_Roshaka_

Mokakdo Thiyena Wasanawakat Anthima Masa Thune Sriwa Hamba Una. E Kale Loku Wadak Karanna Puluwan Una Sir. Thank You Sir Ee Hamadetama.Kalin Hamba Una Nm Kiyala Hithuna Wara Ananthai Sir.............! 🥺❤️

Kushan Pulmeth
Asoka College

2025 A/L S3 යි තිබ්බේ Results ආවට පස්සේ සර් කරපු Special Meeting එකේදි සර් කියපු විදියටම Comment එකක් දාලා ඒක Wallpaper එකට දාගත්තා. එදා පටන් ගත්ත දවසෙ ඉදන් මේ වෙනකන් සුපිරියටම වැඩ කලා මේ පාර නම් මගේ Target එකට යන්න පුලුවන් Result එකක් දාන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. මේපාර නම් අනිවාර්යයෙන් සුපිරි Result එකක් දාලා Awarding Ceremony එකට එන්න උපරිම Try කරනවා Thank You Sir❤ අපි වෙනුවෙන් කරපු හැම දේටම, අනිවාර්යයෙන් දිනලා විතරක් ඉවර කරනවා.❤

YT

Thanks ❤️oyath anivarenama dinanna ona😊

Nuwan Koswaththa
A/Thalawa National School

Sirge Golden revision eken thama Physics igena gaththe ❤ Naththan mn kalin Agri karapu manussayek. Thank You Sir me wenakan apith ekka indala apita advice deela me thathweta genawa ekata.❤ MCQ day eka,Practical night eka ehema supiriyata thibba sir. Mn hithanawa sir mata me gema gahaganna puluwan kiyala.❤

Pabalu Chethana
G/Rewatha National College

සර්ට ගොඩක් thank you අපු වෙනුවෙන් කරපු හැමදේකටම.ගුරුවරු කියන්නෙ මොන වගෙද කියලා හරියටම දැනගත්තෙ සර් වගේ අය හම්බුනාම.physics කියන විෂය ආසාවෙන් ඉගෙනගන්න පුලුවන් එකම තැන සර් විතරයි.කියන්න නම් දේවල් ගොඩයි සර්.හැමදේටම සර්ට ගොඩක් පින් සර්.බය නැතුව පේපර් එක ලියන්න විශ්වාසෙ හැදුවෙ සර් . මේ අවුරුදු දෙක ගෙවිලා ගියා සර් එක්ක දැනුනෙවත් නෑ.සර්ගෙ පරන විදිය මම අම්මා එක්ක කියලා මටගොඩක් ලොකු විශ්වාසයක් හදාගත්තා මට බැරි නැහැ කියලා.Live එක end උනත් යන්න දුක හිතුනා සර්.ආයෙමත් Thank you very much sir ❤️🥺 ආදරෙයි සර් 🫶 Always in top....👑️

Melisha Anthoniyo
Dhammissara National School

Sirge clz එකට සම්බන්ධ වුණේ මීට මාස 4kt කලින්.එපා කරපු subject එකක්‌ වෙලා අතෑරලා දාලා තිබ්බ physics, sir නිසා කොහොම හරි අල්ලන් කැමැත්තෙන් වැඩ කරන තැනටම ඇවිල්ලා තියෙන්නේ. හැමදේම එපා වෙලා අතඇරලා දාන්න හිතුණ වෙලාවල් අනන්තයි. ඒත් sir කතා කරන දේවල් වලින්,ජීවිතේ ගැන කියන දේවල් වලින් ආයිමත් හිත හයිය කරන් වැඩ කරන්න පටන් ගන්නවා. හැමදාම clz ඉවර වෙනකම් ඉන්නව sir අන්තිමට කියන "දිනල විතරක් ඉවර කරමු" ඒ වචන ටික අහන්න. අද clz එකේ අන්තිම ටිකේ ඇස්වල කඳුලු. Sirට පින් මෙච්චර ලමයි වෙනුවෙන් මහන්සි වෙනවට. ඉතින් දැන් මට තියෙන ලොකුම ආසාවක් තමා colours of AP එකට ඇවිත් sirwa හම්බවෙලා කතා කරන එක. ඉතින් දිනලම එන්නම් sirwa හම්බෙන්න.❤

Sineth Vidanagamage
Rajapaksha Central College

ආසාවෙන් ඉගනගෙන දිනලම ඉවර කරන්න❤️

Dilmi Shehara
Vishvoda College

මොන දේ උනත් අල්ලන් යනව අනිවාර්යයෙන්. කිසිවක් සිදු වී නැත සිදුවෙමින් පවති. තැන්කිව් සර් ❤️❤️

Sashila Nirosh
President College Minuwangoda

Physics වලට එහා ඉහැන්වීමක්, ජය වේවා !♥ සර් Thank you ❤️‍🔥♥

Ravindu Janith
Ayagama Rahula Central College

සර් ඉගැන්නුවෙ physics විතරක් නෙවේ සර් ජීවිතයත් ඉගැන්නුව ❤️

Hasith

july 9 idn una aran 11 Dengue positive una sathi dekk witra wada karanna bari una sir gedarin puluwan widihata liynna nidi maranna epa kiyddith mn dan tika tika wada krnwa mage atha paya aga thama ridenwa sir eth atha harin na koma koma hari karanawa mn thama inne F mattame dan hodata okkoma karala lakunu 45ta awa witarai mata dengue hadune 1st shy eke F ekak mata lagadi karapu paper okkogema lakunu 30 31 yanne eth mn atha harin na koma hari lakunu ekin eka wadi krnwa Thank you sir hamadetama Godak Pin sirta 🥺❤️❤️❤️ දිනලම ඉවර කරනව ❤️aye hambemu sir ❤️

Navodya Nethmini
MR/Telijjawilla Central College

Thank you Sir, for never giving up on us, even when we wanted to give up on ourselves. Thank you for every lesson, every motivation, and every bit of faith you had in us, for standing with us until the very last day. No matter where life takes us, we'll always remember the teacher who reminded us to finish this journey as winners. Forever grateful, Sir!! 🤍 "දිනලම විතරක් ඉවර කරන්න!"🥺❤️‍🩹🫶🏻✨️ - Anuradha Perera🫡🔥

Danuja Dahanayake
Royal College

Thank you sir ❤️ mechara kalayak api wenuwan karapu hamadekatama thank you sir Kawada hari dawasaka jiwithe dinapu minissu widihata hamba wemu sir 🥹❤️

Kaveesha Madushan
Carey College

" දිනලා විතරක් ඉවර කරමු " ජීවිතයට... Physics! 💝🔥

Nethmi Madhushani

2nd shy එකේ physics subject එක ආසාවෙන් ඉගෙන ගන්න කියලා දුන්නේ සර් 🥺💗.1st shy එකේ s එක මේ පාර B එකකට වෙනස් කරනවා. මේ ගේම් එක දිනලා විතරක් ඉවර කරනවා. දිනපු දවසට අපි සතුටින් කතා කරමු. 🤍 THANK YOU SO MUCH SIR 🙏

Oshani Nayodya
A/Walisingha Harischandra College

මේ මගේ 2nd shy එක කලින් පාර physics වලට S මේ අවුරුදු 3ටම ඉගෙනගත්තට වඩා mcq points ගොඩක් මේ mcq day එකෙන් ඉගෙන ගත්තා..❤️මුල් කාලේ වෙලාවට interval දෙන්නේ නෑ, වෙලාවට ඉවර කරන්නේ නෑ කියලා හිතුනට එ හැමදේකම වටිනාකම දැන් ගොඩක් තේරෙනවා sir 🥺❤️ජිවිතේ ගොඩක් දේවල් සර් නිසා තේරුම් ගත්තා..වරදිනවා කියන්නේ පරදිනවා නෙවෙයි කියලා තේරුනේ හැමදේම අතහරින්න හිතෙන වෙලාවට සර්ගේ පුංචි වචන ටිකක් ඇහුනනම් ඇති..❤️ Thank you sir 💗

Tharuka Gimhani

2022 පාරේ බෙදුව handbill ක් දැකලා කවුරුත් යන්න කියන්නෙත් නැතුව මේකලා hall එකට ඇවිත් එදා වාඩිවෙලා මිනුම් ඒකක ඉගෙන ගත්ත මම සර්ගේ 24 A/L batch eke ළමයෙක්. මේ මගේ third shy eka. එදා මම අහම්බෙන් ආවට අනුරාධ සර් කියන නම ඒකාලේ ගොඩක්ම ප්‍රසිද්ධ නෑ, ඒත් අද පන්තියෙන් යද්දී ඒ නම ලංකාව ම දන්න නමක්. 5 වසරේ පොලියානා පොත කියවපු දවස මාව positive හිතන්න ගොඩක් පෙළඹුවා. ඒත් මේ මොහොත වෙනකම්ම මම positive හිතන්න ලොකුම හේතුව තමා සර්. මම මගේ අවසාන අවස්ථාවට මුහුණ දෙන ගමන් හිටියත් ඔව් මම තාම වැටිලා නෑ, ඒ මගේ අම්මගේ තාත්තාගේ වගේම සර්ගේ හයියට. 2nd eke result වලින් campus දැම්මට මම third කරන්නේ මේක දිනලම විතරක් ඉවර කරන්න. මගේ ජීවිතේ දැකපු positive ම, නිහතමානීව පුද්ගලයා තමා සර්. සර් ගුරු දෙවියෙක් වගේම වැඩිමහල් සහෝදරයෙක්. දිනලම එන්නම්, ඉතිරිය ලියන්න. සර්ව දිනපු කෙල්ලක් විදිහට ඇවිත් වැදල හම්බෙන්නම්. සර්ට පින්. තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏 2024 AL GM/ Yashodara Devi Balika Vidyalaya තාරුකා ගිම්හාණි

D_m

සර්, මම ඇත්තටම දන්නේ නැහැ, මට හිතෙනවා මට මොකක් හරි වාසනාවක් තියෙන්න ඇති කියලා. මොකද මේ ජූලි මාසෙ පටන් ගනිද්දී මට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ෆිසික්ස් (Physics) ඔක්කොම අවුල් වෙලා හිටියේ සර්. මම සර්ගේ ක්ලාස් ආවේ නැති වුණාට පේපර්ස් නම් ලිව්වා. නිකමට වගේ 'one last time' කියලා ජොයින් වුණේ සර්. මට කියාගන්න තේරෙන්නේ නැහැ සර්, Guess Days ටිකෙනුයි, MCQ Seminar එකෙනුයි, Practical Night එකෙනුයි මාව කොච්චර වෙනස් කළාද කියලා. මුල ඉඳන් ක්ලාස් එන්න බැරි වුණත්, අන්තිම ටිකේ හරි මට මෙහෙම සර් කෙනෙක් හම්බෙන්න පිනක් තිබ්බා. මගේ ජීවිතේට හම්බෙච්ච ආදරණීයම ගුරුබවතුන්ගෙන් කෙනෙක් සර්. සර් මාවත් Award Seminar එකට ගන්නවා නේද? 🥺❤️ Thank you සර්! ඇත්තටම කියන්න වචන නැහැ. සර්ට ගොඩක් පින්!

Kavini

Bh kiyl kisim deyk nh kiyn ek Mt magenm balagn puluwan une sir nisaa. Subject ekathath wada jeewithet deyk ekthu kart thank you sir 🥺. Aniwaren dinnawa sir ..... Loku wenask karn para penala dunt sirt pin .... Manussyekge jeewithet roal model unt thank you sir 🥺

Chamuditha Nimmana
Badulla Central College

අපි වෙනුවෙන් කරපු හැම දේටම ගොඩක් පිං සර්... අනිවා‌රෙන්ම දිනනවා..❤️❤️🥹

Isurika Wijesinghe
Ferguson High School

අතාරින්න හේතු කොච්චර තිබ්බත් කෝමහරි අල්ලන් හිටියේ සර්ගෙ වචන හින්දා .. ක්ලාස් ඉවර වෙලා නිදාගන්න හිතෙද්දි තව පැයක්වත් වැඩමු කරමු කියල කෝමහරි අපිව motivate කරල අපේ ඇතුලෙම හිටපු හයිය මනුස්සයව අපිටම පෙන්නල දුන්නට ගොඩක් පින් සර්.සර්ගෙන් ඉගෙනගන්න හම්බුන එකම ලොකු වාසනාවක් 🥹❤ හැමදේටම ගොඩක් thank you sir🥹❤🙏 කොහොමහරි දිනල විතරක් ඉවර කරනව❤✨

Nethmi Kaushalya
Darmapala College Bandarawela

හමු උන ගුරුවරු අතරින් කිසිදා අමතක නොවන චරිතයක් ගොඩක් ආදරෙයි සර් ❤️ දිනලම එන්නම් සර්ව බලලා යන්න ☺️❤️

Hansika Piumini
Bandaranaike Center College Veyangoda

මම වාසනාවන්ත ද? ඔව් මම ගොඩක් වාසනාවන්තයි. මොකද එහෙම නැත්තම් මම මගේ 1 shy එකේම පළවෙනි දවසෙ පළවෙනි වතාවට ගිහින් වාඩිවුන physics පන්තිය සර්ගෙ වෙන්න බෑ. පළවෙනි දවසෙ ඉදං අන්තිම දවස වෙනකන් අවුරුදු දෙක අතුලෙ ගොඩක් දේවල් වුනා. ඒත් දැන් තියෙන්නෙ මේ journey එකේ අවසානය. මුළු shy එකම වැඩ කරන්න physics විතරක් නෙවෙයි motivation එක ආවෙත් sir නිසා තමයි. දිනල විතරමයි ඉවර කරන්නෙ. Thank you so much sir

Nooti Kenu

1st shy එකෙත් සර්ගේ අන්තිම සෙමිනාර ටික නිසා තමයි fail වෙන්න ඉදිය මන් S එක්ක හරි දැම්මේ....කිසිම වැඩක් නොකර paper ලියලා තිබබ නැති මන් ඒ වගේ අඩු දවස් ටිකකින් S දැම්මා මට ම හිතුනා මන් මහන්සි උනා නිම් කියලා.....ඉතින් මේ shy එකේ sirge paper විතරක් ලියන්න මන් awaa....ඊට පස්සේ සර් කරපු seminar වලට tea time ඒ එක්ක්වත් මිස් කරගන්නේ නතුව බැලුවා....කියන්න වචන නෑ සර් physics එපා වෙලා ඉදීය මන් දැන් maths වලට වඩා අසා කරනවා......A.L ගුරුවරයෙක් මෙච්චර ළමයි වෙනුවෙන් කපවෙනිවා....කවදා හරි අපි දින්නම් එකෙන් sir ට ප්‍රතිලාභයක් නැතිවුණත් hamwelam කියුවේ අපේ අනාගතේ සාර්ත්ක වෙන්න දෙව්ලමයි....ඉගැන්වීම විත්‍රක් නෙවෙයි ජිවිතේ ගැන පවා ගොඩාක් දේවල් කියලා දුන්නා...හිනවලට අසා කරන්න හැබ්බහි වෙන්න කියලා දුන්නා... මගේ මේ ඉගන ගන්න ජීවිත කළේ තුල් දක්ක් පට්ට චරිතයක්...🥹❤️❤️❤️❤️ අවුරුදු ගානක් sirge clz ඇවිත් නෑ මේ අන්තිම මාස tike ඇවේ....මේ ටික sir ගොඩාක් දේවල් කියල දුන්න ......❤️❤️😭😭😭 Thank you sir....❤️❤️❤️ Sirge hamdeem sarthak wenn ona...🥹🥹🥹😘😘😘 S.T .C .D

Sithmi Chavindhi

Online අපි ට සර් ගේ අවසාන වචන ටික සෑහෙන්න දැනුනා.අද කවදාවත් නැතුව clz එක ඉවර වෙද්දි ඇස් දෙකට කඳුලු ආවා.මන් නවවෙනි ෂයි එකේ clz ආවේ ගම්පහ. අපේ නෑදෑ කෙනෙක්ගේ ගෙදර ඉදන්. මන් ආවේ revision clz එකට. මන් හොදට වැඩ කරන් එද්දි ම අවසාන මාස ටිකේ මට ප්‍රශ්න දැම්මා exam එකට මාස තුනක් තියලා මට ගෙදර යන්න කිව්වා මට paper එකක්වත් ලියන්න බැරි වුනා මෙහෙ ලග centres නැති හින්දා result එක F එකක්. ඒත් මම මේ පාර අනිවාර්යයෙන්ම exm ගොඩදාගන්නවා .එහෙනම් දිනලා විතරක් ඉවර කරමු.❤

Nethu

මම මාතර සර්.මන් ඉස්සෙල්ලම සර්ගෙ class එකකට කියල ආවේ Apeiro paper center එකේ papers ලියන්න.ඒකට join උනෙත් මැයි මාසෙ ඉදන්.ඒ වෙනකම් මන් physics වල මුකුත්ම කරල තිබ්බෙ නෑ සර්.මන් හිතුවෙ නෑ ආයේ second shy එකක් විදියට A/L කරන්නවත් .ඒත් මට හිතුනා මේක කෝම හරි කරන්න ඕනි කියලා...සර් දාපු හැම session එකකටම මන් live සම්බන්ධ උනා.ඇත්තටම අවංකවම කිව්වොත් සර් කියල දෙන හැම ගානක්ම හොදට ඔලුවට යනව සර්🤍මේ වෙද්දි සෑහෙන්න ප්‍රශ්න ආවත් සර් කියපු එක දෙයක් මගෙ ඔලුවෙ දුවනව ඒ තමයි "මිනිස්සුන්ගෙ ජීවිත කියන්නෙ මිනිස්සුන්ට සිද්ධ වුණු දේවල් වල එකතුවක් නෙමේ.මිනිස්සු කරන දේවල් වල එකතුවක්" ..අදටත් මගේ ජීවිතේ අමාරුවෙන් හරි කට්ට කාගෙන ඉස්සරහට යනව නම් ඒ සර් නිසා❤️...සර් අද tea time එකේදි කිව්ව වගේ මම එනව සර් හම්බෙන්න මගෙ results ආවම මේ පාර.මොකද screen වලින් දැකල තියෙනව මිසක මන් තාම සර්ව ඇස් දෙකට ඇත්‍තටම දැකල නෑ...මට ඕනෙ සර්ව ඇත්තටම ඇස් දෙකෙන් දැකල...සර් මම ඒ දේ කලා කියල කියන්න..අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සර්ට ගොඩක් පිං සර් මේ කරපු හැමදේටම 🥺❤...ඒ වගේම සර්ගෙ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනෙ !!! බුදුසරණයි 🙏

ජීවිතයට Physics - Anuradha Perera

මතක පොත

2026 A/L Batch

© 2026Single Developers </>